දිනය- 2018.08.24
වේලාව- ප.ව. 06.00
මං කාලෙකින් shock උන call එකක් ආව."අනේ....ගයාන් නැතිඋනා...." ඒ වෙව්ලන මාසිගේ කටහඩ.මට තවම හිතාගන්න බෑ කොහොමද එහෙම උනේ කියල.
ගයාන් බණ්ඩාර ඇල්කඩුව කියන්නේ මගේ හොදම යාළුවගේ මල්ලි.අවුරුදු 6ක් තිස්සේ මන් හොදට අදුනන ලගින් ආශ්‍රය කරපු කෙනෙක්.මට වැඩිය අවුරුදු 2ක් වැඩිමාල් උනත් පොඩි ළමයෙක් වගේ සරල ජිවිතයක් ගතකරපු කෙනෙක්.අපි අතර ඇනුම් බැනුම් නිතර උනත් පවුලේ අනික් අයට වඩා මාසියි මමයි ගයිව ලගින් ඇසුරු කරා.පවුලේ වගේම අපි වගේ ලගින් ආශ්‍රය කරපු හැමෝගෙම උපන්දින ගයාන්ට මතකයි.ඒ උපන්දින වලට උදෙන්ම අදාළ කෙනාට කතා කරලා මුලින්ම wish කරන්න එයා හරිම ආසයි.කොහොම උනත් ඒ wish කරපු අයගෙන් ගයාන්ගේ උපන්දිනේට කවදාවත් call ආවේ නෑ. මං ඒක හොදටම දන්නේ ගයාන්ගේ උපන්දිනේ දවසේ phone එක ලග තියාන මූන බෙරි කරන් දවස පුරාම කියන කෙදිරිල්ල මන් අවුරුදු 6ක්ම අහල පුරුදු නිසයි.
"මං wish කරාට කාටවත් මාව මතක නෑ,අයේනම් කාටවත් මං wish කරන්නේ නෑ...."
එත් ඊලග අවුරුද්දෙත් ගයි හැමෝටම wish කරා.ඒ ගයාන්ගේ හැටි.
පොඩි පොඩි දේටත් තදින් තරහ යන ගයාන් පොඩිඑකෙක් වගේ අපිත් එක්ක රණ්ඩු උණු වාර අපමණයි.ඒත් ඒවා ටික වෙලාවකින් අමතකයි.කටපුරා "අක්කේ..." කියල මාසිට හරිම ආදරෙන් ගයි කතා කරේ.මටත් එහෙමයි.
පහුගිය මාස 2කක් තිස්සේ අසනීපෙන් හිටපු ගයි කවුරුවත් නොහිතපු වෙලාවක අපිව දාල ගිහින්.........
මට මීට වඩා ගයන් ගැන ලියන්න කියන්න දේවල් ගොඩක් තිබුනත් ඇස් තෙත් කරන ඒ මතක මන් මගේ හිතේම තියාගන්නම්,ඒ කවදාහරි ගයි ආයෙම අපි අතරටම එයි කියන බලාපොරොත්තුවෙන්.(හිත එහෙම නොවෙයි කියල දන්නවා උනත්.)මන් ගයන්ට නිවන් සුව පතන්න ලෝබයි,ඒ ඔයා නිවන් ගියොත් අපිට ආයෙම ඔයාව නොලැබෙන නිසයි.එත් මන් මාසිත් එක්ක ඔයාට හැමදාම කියන්නේ,
"අපි ඔයාට ගොඩක් ආදරෙයි....."
මගේ අසාවට ලියන අපේ මතක....!!!
No comments:
Post a Comment