2019-02-16

ලැසී

ලිපිය වැදගත් නිසයි අනවසරෙන් උනත් link එක දාන්නේ.කියවල බලල කාටහරි වැදගත් දෙයක් ගන්නත් අසරණ ජිවිතයක් බේරගන්නත් උදව්වක් උනොත් ඒ ඇති.ලිපිය ලියපු අටං අයියටත්,උදව් කරපු ශිල්පා නෝනටත්,Bestcare කාර්යමණ්ඩලයටත්,Dr. කනිෂ්කටත් කී නොකී මේ කතාවේ උදවු කරපු හැමෝටමත් මමයි මාසියි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

*  ලිපිය    - ලැසී


*Locations

Univarsal vets

Bastcare


මගේ අසාවට ලියන අපේ මතක....!!!

2019-01-06

2019

2018 ඉවරයි.2019 පටන් ගත්ත විතරයි,

අලුත් අරබුමක්  ජීවිතේට,ආදරේට,පවුලට,ජොබ් එකට, මේ කොයි දේට උනත්. ඉතින් අපි අලුතින්ම පටන්ගමු.මමයි මගේ මාසියි ගෙදර ඉන්න සියලුම පැටිපස් පරාන ඔක්කොමයි ඔයාල සියලුමදෙනාටම පවුලේ ඔක්කොටමත් මේ ඇරබුණු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිරෝගිමත් ආරම්බයක්ම වේවා කියල ප්‍රර්ථනා කරනවා......



මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-10-05

පොත් ප්‍රදර්ශනය -2018

කොලබ පොත් ප්‍රදර්ශනය ඉවර උනා.මං මාසිත් එක්ක එකම එක වතාවයි ඕකට ගිහින් තියෙන්නේ.ඒ 2015 අවුරුද්දේ.එදා මාව එක්කන් ගියෙත් මාසි(මන් එතකොට BMICH යන්න නොදැන හිටපු කාලේ.) ඒ ගිහින්  නොවරදවාම වසරක් පාසා යනවා කියලයි අපි දෙන්න තීරණය කරේ.2016,2017 හා පිලිවෙලින් 2018 වසරත් අපිට පොත් ප්‍රදර්ශනේ මිස් උනා.සුපුරුදු ආර්ථික ප්‍රශ්නත් ,පවුලේ එදිනෙදා ඇතිවුණු නොයෙක් හැල හැපපිමුත් එකට හේතු උනා.
බ්ලොග් වල මුනුපොතේ කට්ටිය ගත්තු පොත් ගැන ලියන දේවල් දකිද්දී පොඩි දුකක් හිතට නොදැනුනා නෙවෙයි.  'කමක් නෑ අපි ලබන අවුරුද්දෙවත් යමු' මං මටම අයෙමත් පොරොන්දු උනා.

ගිය අයට සුභ පතනවා ඊලග අවුරුද්දෙත් යන්න ලැබේවා කියල.නොගිය අයට (උවමනාව තිබුනත්-අපි වගේ) ලබන අවුරුද්දේ කොහොමහරි යන්න වාසනාව ලැබේවා කියල පතනවා.......

මගේ අසාවට ලියන අපේ මතක....!!!