2018-10-05

පොත් ප්‍රදර්ශනය -2018

කොලබ පොත් ප්‍රදර්ශනය ඉවර උනා.මං මාසිත් එක්ක එකම එක වතාවයි ඕකට ගිහින් තියෙන්නේ.ඒ 2015 අවුරුද්දේ.එදා මාව එක්කන් ගියෙත් මාසි(මන් එතකොට BMICH යන්න නොදැන හිටපු කාලේ.) ඒ ගිහින්  නොවරදවාම වසරක් පාසා යනවා කියලයි අපි දෙන්න තීරණය කරේ.2016,2017 හා පිලිවෙලින් 2018 වසරත් අපිට පොත් ප්‍රදර්ශනේ මිස් උනා.සුපුරුදු ආර්ථික ප්‍රශ්නත් ,පවුලේ එදිනෙදා ඇතිවුණු නොයෙක් හැල හැපපිමුත් එකට හේතු උනා.
බ්ලොග් වල මුනුපොතේ කට්ටිය ගත්තු පොත් ගැන ලියන දේවල් දකිද්දී පොඩි දුකක් හිතට නොදැනුනා නෙවෙයි.  'කමක් නෑ අපි ලබන අවුරුද්දෙවත් යමු' මං මටම අයෙමත් පොරොන්දු උනා.

ගිය අයට සුභ පතනවා ඊලග අවුරුද්දෙත් යන්න ලැබේවා කියල.නොගිය අයට (උවමනාව තිබුනත්-අපි වගේ) ලබන අවුරුද්දේ කොහොමහරි යන්න වාසනාව ලැබේවා කියල පතනවා.......

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-09-27

- පූසා -










                                         


















කෙල්ලෙක්ට පුසෙක් තුරුල් වෙන්නේ රස්නේ හොයාගෙන
ඒ කෙල්ලටම කොල්ලෙක් තුරුල් වෙන්නේ ආදරේ හොයාගෙන
-
කෙල්ලට වටින්නේ උණුහුම හොයාගෙන තුරුල් උණු පුසා මිසක්
ආදරේ හොයාගෙන ආපු කොල්ල නෙවෙයි.......

trend එකද, නැත්තන් අවාසනාවද?












මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-09-01

පසු කම්පන...


ජීවිතේ කියන්නේ හරි පුදුම ගමනක්.ඒ ගමන අතරතුර ගොඩදෙනෙක් මුණගැහෙනව,හැරයනවා.එත් ඒ අය ඉතුරු කරන මතක නොමැකි අපේ හිත් අස්සේ ඉතුරු වෙනවා.සමහරක් සතුට ගේන මතක,සමහරක් මතක් කරන්නවත් අකමැති ඒවා.කොහොම උනත් මතක තමයි අපි ගොඩගහන් ඉන්න අපේ නිදානේ කියලයි මට හිතෙන්නේ.හිතුනහම ටිකක් අපි කවුරුහරි එක්ක බෙදා ගන්නවා.මැරෙනකම්ම අපේ හිතේ කාටවත් නොකියපු තමන් විතරක් දන්නා මතක කීයක්නම් හංගන් ඉන්නවද?
මට කියන්න ඕනේ උනේ වෙන දෙයක්,එත් මං දැන් ලියාගෙන යන්නේ තව කතාවක්.ආපහු මුල් කතාවට අවොත්,
සමහර පුද්ගලයෝ අපි අතරේ තියල යන මතක අපි අකමැති-කැමති මතක වල සම්මිශ්‍රණයක්.වෙලාවකට කැමති වෙන ඒ මතක වෙලාවකට අකමැති වෙනවා.සතුට,දුක,තරහ වගේම ආදරෙත් ඒ මතක අපිට ඇතිකරනවා.
මේ සටහන ලියන්න ගත්තේ මං කලින් ලියපු මගේ ආදරණිය සහෝදරයෙක් උනු ගයාන් බණ්ඩාර ඇල්කඩුවගේ වියෝවත් ඒ සිදුවීම සමග හා ඊට පසුව මුහුණදෙන්න උනු සිදුවීමුත් එක්කයි.මිනිස්සු කියන්නේ කොයිතරම් විවිදාකාර සත්ව කොට්ටාශයක්ද කියල ඒ සිදුවීම් මටත් මාසිටත් කියලදුන්න.
පවුල,නෑදෑයෝ,හිතවත්තු මේ අය අපි මැරුණු දවසට අපි ගැන කියන කරන දේවල් අපිට නොපෙනෙන එකමයි හොද.

නැත්තන් අපිට ආයෙම මැරෙන්න හිතෙයි ඒවා දැකල.........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-08-28

සහෝදරයෙකුගේ නික්මීම.......



දිනය- 2018.08.24
වේලාව- ප.ව. 06.00

මං කාලෙකින් shock උන call එකක් ආව."අනේ....ගයාන් නැතිඋනා...." ඒ වෙව්ලන මාසිගේ කටහඩ.මට තවම හිතාගන්න බෑ කොහොමද එහෙම උනේ කියල.

ගයාන් බණ්ඩාර ඇල්කඩුව කියන්නේ මගේ හොදම යාළුවගේ මල්ලි.අවුරුදු 6ක් තිස්සේ මන් හොදට අදුනන ලගින් ආශ්‍රය කරපු කෙනෙක්.මට වැඩිය අවුරුදු 2ක් වැඩිමාල් උනත් පොඩි ළමයෙක් වගේ සරල ජිවිතයක් ගතකරපු කෙනෙක්.අපි අතර ඇනුම් බැනුම් නිතර උනත් පවුලේ අනික් අයට වඩා මාසියි මමයි ගයිව ලගින් ඇසුරු කරා.පවුලේ වගේම අපි වගේ ලගින් ආශ්‍රය කරපු හැමෝගෙම උපන්දින ගයාන්ට මතකයි.ඒ උපන්දින වලට උදෙන්ම අදාළ කෙනාට කතා කරලා මුලින්ම wish කරන්න එයා හරිම ආසයි.කොහොම උනත් ඒ wish කරපු අයගෙන් ගයාන්ගේ උපන්දිනේට කවදාවත් call ආවේ නෑ. මං ඒක හොදටම දන්නේ ගයාන්ගේ උපන්දිනේ දවසේ phone එක ලග තියාන මූන බෙරි කරන් දවස පුරාම කියන කෙදිරිල්ල මන් අවුරුදු 6ක්ම අහල පුරුදු නිසයි.
"මං wish කරාට කාටවත් මාව මතක නෑ,අයේනම් කාටවත් මං wish කරන්නේ නෑ...."
එත් ඊලග අවුරුද්දෙත් ගයි හැමෝටම wish  කරා.ඒ ගයාන්ගේ හැටි.
පොඩි පොඩි දේටත් තදින් තරහ යන ගයාන් පොඩිඑකෙක් වගේ අපිත් එක්ක රණ්ඩු උණු වාර අපමණයි.ඒත් ඒවා ටික වෙලාවකින් අමතකයි.කටපුරා "අක්කේ..." කියල මාසිට හරිම ආදරෙන් ගයි කතා කරේ.මටත් එහෙමයි.
පහුගිය මාස 2කක් තිස්සේ අසනීපෙන් හිටපු ගයි කවුරුවත් නොහිතපු වෙලාවක අපිව දාල ගිහින්.........

මට මීට වඩා ගයන් ගැන ලියන්න කියන්න දේවල් ගොඩක් තිබුනත් ඇස් තෙත් කරන ඒ මතක මන්  මගේ හිතේම තියාගන්නම්,ඒ කවදාහරි ගයි ආයෙම අපි අතරටම එයි කියන බලාපොරොත්තුවෙන්.(හිත එහෙම නොවෙයි කියල දන්නවා උනත්.)මන් ගයන්ට නිවන් සුව පතන්න ලෝබයි,ඒ ඔයා නිවන් ගියොත් අපිට ආයෙම ඔයාව නොලැබෙන නිසයි.එත් මන් මාසිත් එක්ක ඔයාට හැමදාම කියන්නේ,

"අපි ඔයාට ගොඩක් ආදරෙයි....."

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-08-18

කාළය,පෑන,අකුරු හා මතක......



කාළය......
කොයි තරම් ගෙවී ඇත්ද
වසර,මාස,සති,දින ගණනින්
කළ හැකිද ප්‍රමාණ ?

ආයාසයකින් තොරව එදා ඇමිණු
බෝල්පොයින්ට් අකුරු,
ලියවුනා අපේ සබදකම් අපුරුවට
මතකද ඔබට?
කාළය ගෙවුණි නොදැනම
තහනමක් පනවමින් හිතට,
නොලියූ කවක් හිත පතුලේම
මියැදුනා සදහටම.......

නොසිතූ අයුරින් අද මට
එසවුනා පන්හිද, ගලපමින් අකුරු
එදාට වඩා ආයාසයකින් වුවත් මෙදා
ලියමි නොලිවූ අලුත් කව,
එත් සදා නොවෙනස්
නුබේ නමටම.......

-- මගේම මාසිට ආදරෙන් --


මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-21

සිංහල-දෙමළ......!!!



මේක ජාති වාදී කතාවක් නෙවෙයි.මම දැකපු දෙයක්.
මේ සිදුවීම මං  මගේ තද සිංහලවාදී යාලුවෙකුට කියපුහම එයා කිවේ දර්මයේ තියන බලය නිසා ඒ දේ උනා කියල.කොහොම උනත් කියවල බලල ඔයාලම තීරණය කරාන්නකෝ.

එදා මම night කරපු දවසක්.වැඩ ඇරිලා ට්‍රාන්ස්පෝට් බස් ආවේ.බස් එක ප්‍රදාන පාරෙන් අපේ ගෙවල් වලට යන අතුරු පාරට හරවල ටිකක් දුර ආව.ඒ පාර ටිකක් පටුයි.ලොකු බස් දෙකකට එකපාර මාරු වෙන්න බෑ.හරියටම රබර් ඉස්ටෝරුව ලගදි පාරේ අනිත් පැත්තෙන් ආපු වාහනයක් නිසා අපේ බස් එකට ඉඩ දෙන්න පාරේ අයිනට කරලා නතර කළා. 
රූපේ බැලුවහම ටිකක් තැන ගැන හිතාගන්න පුළුවන් වෙයි කියල මං හිතනවා.ඔය ඉස්ටෝරුව ඉස්සරහ තියනවා පොඩි බුදු මැදුරකුයි බෝධියකුයි.බුදු මැදුරට එහායින් තියනවා තව බල්බ් හදන පැක්ටරියකුයි.රබර් ඉස්ටෝරුවේ වැඩකරන්නේ ලග ලයිමක ඉන්න දෙමල අය.බල්බ් වැඩපොළේ වැඩ කරන්නේ ගමේ සිංහල උදවිය.
දැන් මන් බස් එකේ ඉදන් ඔය බුදු මැදුර දිහා බැලුව නිකමට.මං දැක්කේ හරි ලස්සනට බුදු මැදුරේ මිදුල ඇමදල බෝ කොළ ටික පරිස්සමට අස් කරන දෙමල ගෑනු කෙනෙක්.මට පුදුම හිතුන.එහා පැත්තේ තියන බල්බ් වැඩපොළේ වැඩ කරන සිංහල කවුරුවත් ඔය මිදුල අමදිනවා මං දැකල නෑ.දැකපු කෙනත් ඉස්ටෝරුවේ දෙමල කෙනෙක්.

මට තාම හිතාගන්න බැරි හින්දු ආගම අදහන ඒ ගැණු කෙනාද සිංහල බෞද්ධ කියල මහා ලොකුවට කෑ ගහන අපිද මේකෙදි හරි කියල.කොහොම උනත් මගේ හිත කියන්නේනම් මගේ යාළුවා කියපු ධර්මයේ තියන බලය,අනුහසට වඩා එහා ගිය පැහැදිලි කිරීමක් ඒ සිදුවීමට අවශ්‍යයි කියලයි.........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-14

මද්ද

අද කතාව ටිකක් වෙනස්.මාසියි මමයි ඇරුනහම අපේ ගෙදර ඉන්නවා තව පරාණ 6ක්.වැඩි විස්තර පස්සේ කියන්නම්.මේ කතාව කියන්නේ ඒ 6 දෙනාගෙන් ඉන්න එකම කොල්ල ගැන.

එයාගේ නම winki.ශ්‍රී ලන්කන් හවුන්ඩ් වර්ගයේ බලු තඩියෙක් මෙයා.ගෙනාවේ කාලෙකට කලින් කැලණියේ ගැලුව මහා ගං වතුරට අවතැන් වෙලා හිටපු ඇච්ච බට්ටා කාලේ.

ගෙනාපු කාලේ ඉදලම මෙයා හරිම වසවර්තියා.පුදුම දාංගලයක් තියෙන්නේ.දැන් අවුරුදු 3ක් වෙලත් බින්දුවක් එකේ අඩු නෑ.

මමයි මායියයි අද ටවුන් ගිහින් එනකොට අපේ මේ කතා නායක උන්නැහේ ඈත ඉදං අමුතුවට කෑ ගහනවා අපි දෙන්නට ඇහුන.මාසි ඒ සද්දේ ඇහුන ගමන් කීවා අදනම් winkiයා  මොකක්හරි බාල්දියක් පෙරලගෙන තමයි ඔය කෑ ගහන්නේ කියල.(අම්මට දරුවන්ගේ දේවල් දැනෙනවා කියන්නේ නිකන් යෑ)ඉතින් අපි දෙන්නම වටපිට හොදිස්සි කරා කොහෙද මේ නාම්බා ඉන්නේ කියලා.

මෙන්න ඉන්නවා ලග පාලු වත්තක අකුලකට වෙලා බිම වකුටු ගැහිලා.අඩගහුවට එන්නෙත් නෑ.කදුළු පුරෝගෙන බලාන ඉන්නවා.මං ටිකක් කිට්ටු කරලා බැලුවා මොකක්ද මේ ජංජාලේ කියල.
හපොයි... බලු තඩිය මද්දකට අහුවෙලා.ත්‍රී වීල් කේබල් එකකින් හදපු මද්දක්.මට ඉතින් ඒක හදපු එකාගේ සනුහරේම මතක් උනා.අමාරුවෙන් දගලලා මගේ සුනක පෝතකයා මද්දෙන් ලෙහල ඇරලා ඊටත් අමාරුවෙන් මද්දත් ලෙහල ගෙදර අරන් ආව.

මස් කන්න ඕනෙනම් සල්ලි ටිකක් දීල කඩෙන් කන්න.මේ වගේ දේවල් කරලා මිනිස් කමට ලජ්ජා වෙන වැඩ කරන්න එපා කියල ඒ මද්ද ගහපු කෙනාට මට කියන්න ඇත්තම්..........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-12

දෙයියන්ගේ මල්ලි…..

අපි කවුරුත් දන්න අපි කාටත් ඕන සල්ලි ගැන තමයි අද මගේ කතාව…..
අපරාදේ කියන්න බෑ සල්ලි කියන දේ ඔය කාටත් වගේ තමයි මටත්.පඩිය දාපු දවසේ ඉදං දවස් තුනක් ඇතුලත කොහොමහරි මගේ පර්ස් කට්ටෙන් ඉගිලිලා යනවා.අමුතුවෙන් ආයේ කියන්න දෙයක් නෑ එවක් පටං මං තුමා සහ මගේ ඇබේණි තොමෝ හොම්බෙන් යන්නේ.
ලොකුවට ඔය මුදල් කළමනාකරණ කෝස් නොකරට මොකද,අපේ නෝනා මාසේ ගෙවාගන්න ගහන ගේම අම්මප මටනම් හිතාගන්නවත් බෑ.ඉදල හිටලා පොඩි පොඩි අලකලංචි උනාට අපි කොහොමහරි දෙයියන්ගේ මල්ලිව එහෙට මෙහෙට කරකවා කරකවා මාසේ ජීවත් වෙනහැටි අයිය දෙයියන්ට නොපෙනෙන එකයි මට තියන පුදුමේ.
මං දන්නා තරමින් මං වගේ ජිවත් වෙන නොසෑහෙන පිරිසක් මේ රටේ ඉන්නවා.අපි හැමෝම ඒක දැන දැනත් අපිට මෙහෙම උනාට අරුට නම් සරුයි.දැන් අපිවත් අමතකයි.කිය කියා තව එකෙකුට බනිනවා.එත් ඌ ජීවත් වෙන්නෙත් අපි වගේම තමයි…
මට මේ ගැන ලියන්න හිතුනේ අපේ මායියා අද උග්‍ර ආර්ථික අවපාතෙට විසදුමක් විදිහට ගෙදර ඉදන් එයාට කරන්න පුළුවන් ස්වයං රැකියා ගැන phone එකෙන් අන්තර්ජාල ගතවෙලා හොයනවා දැකල.ඒ අතින් අපි කොයි තරම් අසරණද කියල මටම හිතුන.
මං මේ සටහන තියන්නේ,අපි ගොඩක් දෙනෙක් ගෙවන මේ ජීවිතේට අප්‍රමාණ හයියක් වෙන තිරය පිටිපස්සේ ඉදං පට්ට කට්ටක් කන මගේ බිරිද වගේම,ඒ හැම බිරිදකටම කරන උපහාරයක් විදිහට…!!!
මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-08

මාසි

මාසි කියන්නේ මගේ ආදරණිය බිරිද.එයා ගොඩාක් හොදයි.(හොද වගේම සැරයි.).ලව් කරලා බැන්ද.
මාසි කියන්නේ බෙල රුසියන් භාෂාවෙන් අම්මා කියන එකයි.මාසිත් මට මගේ අම්ම වගෙයි.ඒ නිසයි මං එයාට මාසි කියන්නේ.
එයා සුදු නෑ කළුයි,ඒත් මට එයා ගොඩක් ලස්සනයි.කට ටිකක් සැරයි,ඒත් මං ඒකට ආසයි.නොදන්න දෙයක් නෑ,එකට මට හරි ආඩම්බරයි.
හොද ගතිගුණ ගොඩක් මං එයාගෙන් දැක්ක.මං ඒවා ගොඩක් අගේකරනවා.
ඔන්න ඔහොමයි විස්තරේ.ඉස්සරහට තව කතා,සිද්ධි,නාටක ලියන්නම්….
හම්බවෙමුකෝ ඉස්සරහට හොදේ……..

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-07

වස්තු කතා ඇරබුම

blog කියවල කියවල මටත් ආසහිතුන blog එකක් හීනියට පටාන් ගන්න. වෙලාව තියන විදිහට මමත් ඔය පොඩි පොඩි දෙයක් කුරුටුගානවා.එහෙනම් බලමුකෝ මගේ blog කෙරුවාව කොහොමවෙයිද කියල නේද....???

2018-07-06

මම වස්තු

මගේ නම වස්තු.මං නම් දැන් දශක තුනකටත් වඩා කාලයක් මේ නරලෝකේ හක්කලන් කොරල තියනවා.දැනට කසාදයක් එහෙම කොරගෙන පාඩුවේ පොඩි පැල් කොටයක් අටවාගෙන ජීවත් වෙනවා.
අන්තර් ජාලේ සැරිසරනකොට මට,
ජනේලය
නුවරකුමාරි
අටන්පහුර
වගේ blog ගොඩක් මං කියෙව්වා.ගොඩක් දැනුම වගේම ජිවිත අත්දැකීම් එහෙමත් රසවින්දා.ඒ දේවල් එක්ක මමත් හිතුව මං කරපු කියපු දේවල් ටිකක් මේ කාටත් අයිති පොදු අවකාශේ කුරුටු ගාල තියන්න.කවුරු මේවා කියවයිද?මොනවා මේවට කියයිද? කියන එක මං දන්නේ නෑ.එත් මං ලියනවා.
ඔන්න මේ වස්තුගේ මුල්ම intro එක….!!!!
( wasthukatha.wordpress.com )