2018-07-08

මාසි

මාසි කියන්නේ මගේ ආදරණිය බිරිද.එයා ගොඩාක් හොදයි.(හොද වගේම සැරයි.).ලව් කරලා බැන්ද.
මාසි කියන්නේ බෙල රුසියන් භාෂාවෙන් අම්මා කියන එකයි.මාසිත් මට මගේ අම්ම වගෙයි.ඒ නිසයි මං එයාට මාසි කියන්නේ.
එයා සුදු නෑ කළුයි,ඒත් මට එයා ගොඩක් ලස්සනයි.කට ටිකක් සැරයි,ඒත් මං ඒකට ආසයි.නොදන්න දෙයක් නෑ,එකට මට හරි ආඩම්බරයි.
හොද ගතිගුණ ගොඩක් මං එයාගෙන් දැක්ක.මං ඒවා ගොඩක් අගේකරනවා.
ඔන්න ඔහොමයි විස්තරේ.ඉස්සරහට තව කතා,සිද්ධි,නාටක ලියන්නම්….
හම්බවෙමුකෝ ඉස්සරහට හොදේ……..

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2018-07-07

වස්තු කතා ඇරබුම

blog කියවල කියවල මටත් ආසහිතුන blog එකක් හීනියට පටාන් ගන්න. වෙලාව තියන විදිහට මමත් ඔය පොඩි පොඩි දෙයක් කුරුටුගානවා.එහෙනම් බලමුකෝ මගේ blog කෙරුවාව කොහොමවෙයිද කියල නේද....???

2018-07-06

මම වස්තු

මගේ නම වස්තු.මං නම් දැන් දශක තුනකටත් වඩා කාලයක් මේ නරලෝකේ හක්කලන් කොරල තියනවා.දැනට කසාදයක් එහෙම කොරගෙන පාඩුවේ පොඩි පැල් කොටයක් අටවාගෙන ජීවත් වෙනවා.
අන්තර් ජාලේ සැරිසරනකොට මට,
ජනේලය
නුවරකුමාරි
අටන්පහුර
වගේ blog ගොඩක් මං කියෙව්වා.ගොඩක් දැනුම වගේම ජිවිත අත්දැකීම් එහෙමත් රසවින්දා.ඒ දේවල් එක්ක මමත් හිතුව මං කරපු කියපු දේවල් ටිකක් මේ කාටත් අයිති පොදු අවකාශේ කුරුටු ගාල තියන්න.කවුරු මේවා කියවයිද?මොනවා මේවට කියයිද? කියන එක මං දන්නේ නෑ.එත් මං ලියනවා.
ඔන්න මේ වස්තුගේ මුල්ම intro එක….!!!!
( wasthukatha.wordpress.com )