2018-07-06

මම වස්තු

මගේ නම වස්තු.මං නම් දැන් දශක තුනකටත් වඩා කාලයක් මේ නරලෝකේ හක්කලන් කොරල තියනවා.දැනට කසාදයක් එහෙම කොරගෙන පාඩුවේ පොඩි පැල් කොටයක් අටවාගෙන ජීවත් වෙනවා.
අන්තර් ජාලේ සැරිසරනකොට මට,
ජනේලය
නුවරකුමාරි
අටන්පහුර
වගේ blog ගොඩක් මං කියෙව්වා.ගොඩක් දැනුම වගේම ජිවිත අත්දැකීම් එහෙමත් රසවින්දා.ඒ දේවල් එක්ක මමත් හිතුව මං කරපු කියපු දේවල් ටිකක් මේ කාටත් අයිති පොදු අවකාශේ කුරුටු ගාල තියන්න.කවුරු මේවා කියවයිද?මොනවා මේවට කියයිද? කියන එක මං දන්නේ නෑ.එත් මං ලියනවා.
ඔන්න මේ වස්තුගේ මුල්ම intro එක….!!!!
( wasthukatha.wordpress.com )

1 comment:

  1. බ්ලොග් මේ ලෝකෙන් තුරන් වෙන් නෑ මල්ලී. ලියන දේවල් නැති වෙන්නෙත් නෑ. ලියමු. ජය වේවා

    ReplyDelete