2018-07-14

මද්ද

අද කතාව ටිකක් වෙනස්.මාසියි මමයි ඇරුනහම අපේ ගෙදර ඉන්නවා තව පරාණ 6ක්.වැඩි විස්තර පස්සේ කියන්නම්.මේ කතාව කියන්නේ ඒ 6 දෙනාගෙන් ඉන්න එකම කොල්ල ගැන.

එයාගේ නම winki.ශ්‍රී ලන්කන් හවුන්ඩ් වර්ගයේ බලු තඩියෙක් මෙයා.ගෙනාවේ කාලෙකට කලින් කැලණියේ ගැලුව මහා ගං වතුරට අවතැන් වෙලා හිටපු ඇච්ච බට්ටා කාලේ.

ගෙනාපු කාලේ ඉදලම මෙයා හරිම වසවර්තියා.පුදුම දාංගලයක් තියෙන්නේ.දැන් අවුරුදු 3ක් වෙලත් බින්දුවක් එකේ අඩු නෑ.

මමයි මායියයි අද ටවුන් ගිහින් එනකොට අපේ මේ කතා නායක උන්නැහේ ඈත ඉදං අමුතුවට කෑ ගහනවා අපි දෙන්නට ඇහුන.මාසි ඒ සද්දේ ඇහුන ගමන් කීවා අදනම් winkiයා  මොකක්හරි බාල්දියක් පෙරලගෙන තමයි ඔය කෑ ගහන්නේ කියල.(අම්මට දරුවන්ගේ දේවල් දැනෙනවා කියන්නේ නිකන් යෑ)ඉතින් අපි දෙන්නම වටපිට හොදිස්සි කරා කොහෙද මේ නාම්බා ඉන්නේ කියලා.

මෙන්න ඉන්නවා ලග පාලු වත්තක අකුලකට වෙලා බිම වකුටු ගැහිලා.අඩගහුවට එන්නෙත් නෑ.කදුළු පුරෝගෙන බලාන ඉන්නවා.මං ටිකක් කිට්ටු කරලා බැලුවා මොකක්ද මේ ජංජාලේ කියල.
හපොයි... බලු තඩිය මද්දකට අහුවෙලා.ත්‍රී වීල් කේබල් එකකින් හදපු මද්දක්.මට ඉතින් ඒක හදපු එකාගේ සනුහරේම මතක් උනා.අමාරුවෙන් දගලලා මගේ සුනක පෝතකයා මද්දෙන් ලෙහල ඇරලා ඊටත් අමාරුවෙන් මද්දත් ලෙහල ගෙදර අරන් ආව.

මස් කන්න ඕනෙනම් සල්ලි ටිකක් දීල කඩෙන් කන්න.මේ වගේ දේවල් කරලා මිනිස් කමට ලජ්ජා වෙන වැඩ කරන්න එපා කියල ඒ මද්ද ගහපු කෙනාට මට කියන්න ඇත්තම්..........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

2 comments:

  1. සමහර මිනිස්සු දඩමස් වලට කාන්දම් වගේ..පෙරේතකම. ගොඩක් පැතිවල දැන් සත්තු නෑ

    ReplyDelete
  2. ඒක හරි Chamara . ගොඩක් අයට අනුව මස් කන සත්තු මැරුවට කමක් නැලුනේ.
    කොහොම උනත් අදහසක් කෙටුවට ගොඩක් ස්තුත්යි......

    ReplyDelete