2018-07-21

සිංහල-දෙමළ......!!!



මේක ජාති වාදී කතාවක් නෙවෙයි.මම දැකපු දෙයක්.
මේ සිදුවීම මං  මගේ තද සිංහලවාදී යාලුවෙකුට කියපුහම එයා කිවේ දර්මයේ තියන බලය නිසා ඒ දේ උනා කියල.කොහොම උනත් කියවල බලල ඔයාලම තීරණය කරාන්නකෝ.

එදා මම night කරපු දවසක්.වැඩ ඇරිලා ට්‍රාන්ස්පෝට් බස් ආවේ.බස් එක ප්‍රදාන පාරෙන් අපේ ගෙවල් වලට යන අතුරු පාරට හරවල ටිකක් දුර ආව.ඒ පාර ටිකක් පටුයි.ලොකු බස් දෙකකට එකපාර මාරු වෙන්න බෑ.හරියටම රබර් ඉස්ටෝරුව ලගදි පාරේ අනිත් පැත්තෙන් ආපු වාහනයක් නිසා අපේ බස් එකට ඉඩ දෙන්න පාරේ අයිනට කරලා නතර කළා. 
රූපේ බැලුවහම ටිකක් තැන ගැන හිතාගන්න පුළුවන් වෙයි කියල මං හිතනවා.ඔය ඉස්ටෝරුව ඉස්සරහ තියනවා පොඩි බුදු මැදුරකුයි බෝධියකුයි.බුදු මැදුරට එහායින් තියනවා තව බල්බ් හදන පැක්ටරියකුයි.රබර් ඉස්ටෝරුවේ වැඩකරන්නේ ලග ලයිමක ඉන්න දෙමල අය.බල්බ් වැඩපොළේ වැඩ කරන්නේ ගමේ සිංහල උදවිය.
දැන් මන් බස් එකේ ඉදන් ඔය බුදු මැදුර දිහා බැලුව නිකමට.මං දැක්කේ හරි ලස්සනට බුදු මැදුරේ මිදුල ඇමදල බෝ කොළ ටික පරිස්සමට අස් කරන දෙමල ගෑනු කෙනෙක්.මට පුදුම හිතුන.එහා පැත්තේ තියන බල්බ් වැඩපොළේ වැඩ කරන සිංහල කවුරුවත් ඔය මිදුල අමදිනවා මං දැකල නෑ.දැකපු කෙනත් ඉස්ටෝරුවේ දෙමල කෙනෙක්.

මට තාම හිතාගන්න බැරි හින්දු ආගම අදහන ඒ ගැණු කෙනාද සිංහල බෞද්ධ කියල මහා ලොකුවට කෑ ගහන අපිද මේකෙදි හරි කියල.කොහොම උනත් මගේ හිත කියන්නේනම් මගේ යාළුවා කියපු ධර්මයේ තියන බලය,අනුහසට වඩා එහා ගිය පැහැදිලි කිරීමක් ඒ සිදුවීමට අවශ්‍යයි කියලයි.........

මගේ අසාවට ලියන අපේ මතක....!!!

4 comments:

  1. බල්ලෙක් මිනිහෙක්ව හපා කෑම ප්‍රවෘත්තියක් නෙමෙයි.
    මිනිහෙක් බල්ලෙක්ව හපා කෑම ප්‍රවෘත්තියක්.

    සිංහල බෞද්ධයෙක් හින්දු දේව රූප වලට වන්දනා කිරීම ප්‍රවෘත්තියක් නෙමෙයි.
    හින්දු දෙමළියක් බෝධියක් ඇමදීම ප්‍රවෘත්තියක්.

    ReplyDelete
  2. ප්‍රවෘත්තිමය වටිනාකමක් දෙන්න මට උවමනාවක් තිබුනේ නෑ.මං දැකපු සිදුවීමත් මට ඒක දැනුනු විදිහත් විතරයි මං සටහන් කරේ.

    ReplyDelete